බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය Archives - Govdoc Blog
TIN අංකය මාර්ගගතව (Online) ලබා ගන්නා ආකාරය
TIN අංකය මාර්ගගතව (Online) ලබා ගන්නා ආකාරය
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ‘බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය’ (Taxpayer Indentification Number -TIN) මාර්ගගත ආකාරයට ලබා ගැනීමේ හැකියාව පවතී.
TIN Certificate ලබා ගැනීමට කිසියම් ආයතනයකින් හෝ පුද්ගලයෙකුගෙන් සේවාවක් ලබා ගැනීමට නොහැකි නම් කිසි ම හේතුවක් මත තමන්ගේ පෞද්ගලික තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැර කිසිම පාර්ශවයකට ලබා නොදෙන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) තනිව ම ලබා ගැනීමට පෙර පහත ලේඛනවල පැහැදිලි ස්කෑන් (scan) කර පිටපත් සූදානම් කරගත යුතු ය.
ඔබගේ ස්ථිර ලිපිනය, ජාතික හැඳුනුම්පතේ සඳහන් ලිපිනයට වඩා වෙනස් නම් (අදාළ ලිපිනය තහවුරු කිරිම සඳහා ඔබගේ නමට නිකුත් කළ ජල හෝ
1 පියවර
TIN Certificate ලබා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ePortal වෙත පිවිසීම හෝ QR Code එක ස්කෑන් (scan) කළ යුතු ය.
බදු අංකය (TIN) ලබා ගැනීමට මෙම https://eservices.ird.gov.lk/Registration/TINRegistration/ShowRequestHeader පිවිසෙන්න.
2 පියවර
එම අතුරු මුහුණතේ (interface) හි ‘Registration Type’ ලෙස සඳහන්ව ඇති තැන ‘INDIVIDUAL LOCAL’ ලෙසින් තෝරා, එවිට ලැබෙන අයැදුම්පත නිවැරදිව පුරවන්න.
Nearest Regional Office යන කොටස පිරවීමෙන් වළකින්න.
CONTACT NUMBER කොටසේ, ඔබගේ ජංගම දුරකතන අංකය සහ භාවිතයේ පවතින email address එක නිවැරදිව ඇතුළත් කරන්න.
අයැදුම්පත පිරවීමේදී BANK INFORMATION ලබා දීම අනිවාර්යය නැත. ඔබ කැමති නම් එම කොටසට තොරතුරු ඇතුළත් කිරීම හෝ නොකිරීමට හැකියාව පවතී.
ඔබ විවාහක නම් FAMILY INFORMATION යටතේ සම්පූර්ණ කළ යුතු විස්තර ද නිවැරදිව සම්පූර්ණ කරන්න.
3 පියවර
Supporting Documents ලෙසින් ඇති කොටසට ඔබ සූදානම් කරගෙන ඇති ජාතික හැඳුනුම්පත ඇතුළු ස්කෑන් (scan) ලේඛන නිවැරදිව තෝරා උඩුගත (upload) කරන්න.
Purpose of registration ලෙසින් ඇති කොටසට Tax Purpose ලෙස තෝරන්න.
එම අතුරු මුහුණතේ (Interface) පහළ ඇති Next Button එක click කරන්න.
4 පියවර
ඔබ ඇතුළත් කළ සම්පූර්ණ තොරතුරු දැන් ඔබට දැක ගැනීමට හැකි ය.
එවිට ඔබට ලැබෙන Acknowledgement, TIN Certificate ලැබෙන තුරු සුරැකිව තබාගන්න.
වැඩ කරන දින 5ක් ඇතුළත ඔබ ලබා දුන් email address වෙත ඔබගේ TIN Certificate සහ PIN එක ඔබට ලබා දෙනු ඇත.
TIN Certificate ලබා ගත් පමණින් ඔබ ආදායම් බදු ගෙවීම සඳහා බැඳි නොසිටින අතර ඔබගේ ආදායම බදු ගෙවිය යුතු මට්ටමේ පවතී නම් පමණක් බදු ගෙවීම හා බදු වාර්තා ගොනු කිරීම සිදු කළ යුතු බව ආදායම් බදු දෙපාර්තමේන්තුව වැඩිදුරට ත් සඳහන් කරයි.
වැඩිදුර තොරතුරු සඳහා ඇමුණුම බලන්න
The post TIN අංකය මාර්ගගතව (Online) ලබා ගන්නා ආකාරය appeared first on Govdoc Blog.