Govdoc Blog

2026 විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

Appropriation Bill

2026 විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

  • 2026 මුදල් වර්ෂය සඳහා වන රජයේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.
  • ඒ අනුව, 2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434 ක් ලෙසයි එහි සඳහන් වී ඇත්තේ.
  • 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතෙහි වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයට වන අතර, එය රුපියල් බිලියන 634 ක් වනවා.
  • ජාතික ජන බලවේග රජය සිය දෙවන අයවැය ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත එළඹෙන අයවැයෙන්, ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය ලෙස වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 11 ක් වන අතර, එය 2025 වසරේ ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය ලෙස වෙන්කර තිබූ රුපියල් බිලියන 2.7 ක මුදලට වඩා බිලියන 8 ක පමණ වැඩිවීමක් වනවා.
  • එහිදී සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් බිලියන 8.29 ක මුදලක් වෙන්කර තිබීම මෙලෙස ජනාධිපති වැය ශීර්ෂය ඉහළ යාමට හේතු වී තිබෙනවා.
  • එසේම, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 618 ක්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 596 ක්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 554 ක්, ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 455 ක් සහ අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 301 ක්ද වෙන්කර තිබෙනවා.
  • 2026 විසර්ජන පනත් කෙටුම්පතින් විශ්‍රාම වැටුප් සඳහා රුපියල් බිලියන 488 ක් වෙන්කර ඇති බවයි එහි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
  • 2026 අයවැය පළමුවර කියවීම සඳහා සැප්තැම්බර් 26 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් මුදල් අමාත්‍යවරයා වශයෙන් අයවැය යෝජනා ඇතුළත් ජනාධිපතිවරයාගේ අයවැය කතාව නොවැම්බර් 07 වැනිදා සිදුකිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
  • අදාළ ගැසට් පත්‍රය මෙතැනින් ලබාගත හැකියි.
(Visited 90 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed