Govdoc Blog

2027 සඳහා එක්සත් රාජධානියේ ශ්‍රී ලාංකිකයින් සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය (Commonwealth) පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි ශිෂ්‍යත්ව

Commonwealth Masters & PhD Scholarships (UK) 2027 for Sri Lankans

2027 සඳහා එක්සත් රාජධානියේ ශ්‍රී ලාංකිකයින් සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය (Commonwealth) පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි ශිෂ්‍යත්ව

2027 එක්සත් රාජධානියේ Commonwealth ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ පිරිනමනු ලබන පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකිකයින්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

ශිෂ්‍යත්ව සංඛ්‍යාව: 16

  • පශ්චාත් උපාධි (Master’s) – 10
  • ආචාර්ය උපාධි (PhD) – 06

මෙම ශිෂ්‍යත්ව සංවර්ධන තේමා 6ක් යටතේ පිරිනමනු ලබයි. සියලුම අපේක්ෂකයින් පහත සඳහන් තේමා අතරින් එක් තේමාවක් යටතේ අයදුම් කළ යුතුය.

  • සංවර්ධනය සඳහා විද්‍යාව හා තාක්ෂණය (Science and Technology for development)
  • ජනගහන සෞඛ්‍යය, සෞඛ්‍ය පද්ධති සහ ධාරිතාව වැඩිදියුණු කිරීම (Improving Population Health, Health Systems and Capacity)
  • නවෝත්පාදන සහ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම (Promoting Innovation and Entrepreneurship)
  • සාමය, ආරක්ෂාව සහ යහපාලනය ශක්තිමත් කිරීම (Strengthening peace, security and governance)
  • අර්බුද සඳහා ඔරොත්තු දීමේ හැකියාව සහ ප්‍රතිචාර දැක්වීම ශක්තිමත් කිරීම (Strengthening resilience and response to crises)
  • ප්‍රවේශය, ඇතුළත්භාවය සහ අවස්ථා පුළුල් කිරීම(Access, inclusion and opportunity)

සුදුසුකම් අවශ්‍යතා

  • සියලුම අයදුම්කරුවන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් විය යුතුය.
  • යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් සිටිය යුතු අතර, අධ්‍යයන කාලය තුළ එක්සත් රාජධානියේ පදිංචිව සිටීමට සූදානම් විය යුතුය.

ශාස්ත්‍රපති (Master’s) උපාධි අයදුම්කරුවන් සඳහා

  • ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින්, අදාළ අධ්‍යයන ක්ෂේත්‍රයට සම්බන්ධ අවම වශයෙන් වසර 4ක කාලයක් සහිත උපාධියක් (SLQF 6) ලබා තිබිය යුතුය.
  • එම උපාධිය සඳහා පළමු පන්තිය (First Class) හෝ දෙවන පන්තියේ ඉහළ සාමාර්ථයක් (Second Class Upper Division) ලබා තිබිය යුතුය.

PhD අයදුම්කරුවන් සඳහා

  • ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින්, අදාළ අධ්‍යයන ක්ෂේත්‍රයට සම්බන්ධ අවම වශයෙන් වසර 4ක කාලයක් සහිත උපාධියක් (SLQF 6) ලබා තිබිය යුතු අතර, එම උපාධිය සඳහා පළමු පන්තිය (First Class) හෝ දෙවන පන්තියේ ඉහළ සාමාර්ථයක් (Second Class Upper Division) ලබා තිබිය යුතුය.
  • පිළිගත් විශ්වවිද්‍යාලයකින්, අදාළ අධ්‍යයන ක්ෂේත්‍රයට සම්බන්ධ ශාස්ත්‍රපති උපාධියක් (Master’s Degree – SLQF 9, 10 හෝ 11) ලබා තිබිය යුතුය.
  • 2026 සැප්තැම්බර්/ඔක්තෝබර් මාසයට පෙර, එක්සත් රාජධානියේ හෝ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක PhD උපාධියකට හෝ PhD උපාධියක් සඳහා යොමු වන MPhil වැඩසටහනකට ලියාපදිංචි වී නොසිටිය යුතුය.
  • අයදුම්පත්‍රයේ සඳහන් කර ඇති ආයතන අතරින් අවම වශයෙන් එක් එක්සත් රාජධානියේ ආයතනයක යෝජිත අධීක්ෂකවරයෙකුගෙන් (Proposed Supervisor) සහතික කිරීමේ/සහාය දැක්වීමේ ප්‍රකාශයක් (Supporting Statement) ඉදිරිපත් කළ යුතුය.

අයදුම් කරන ආකාරය

අයදුම්කරුවන් පහත දැක්වෙන අදාළ සබැඳිය (link) භාවිතයෙන් CSC මාර්ගගත අයදුම්පත් ද්වාරය (online application portal) හරහා සෘජුවම අයදුම් කළ යුතුය.

  1. ආචාර්ය උපාධි (PhD) ශිෂ්‍යත්වයක් සඳහා අයදුම් කිරීමට: https://cscuk.fcdo.gov.uk/scholarships/commonwealth-phd-scholarships-for-least-developed-countries-and-vulnerable-states/
  2. පශ්චාත් උපාධි (Master’s) ශිෂ්‍යත්වයක් සඳහා අයදුම් කිරීමට: https://cscuk.fcdo.gov.uk/scholarships/commonwealth-masters-scholarships/
  3. CSC අයදුම්පත සම්පූර්ණ කිරීම පිළිබඳ උපදෙස් මෙතැනින් ලබාගත හැක: https://cscuk.fcdo.gov.uk/advice-for-applicants/
More Details & Instructions (PDF) – Download
Scholarship Commission Website – https://cscuk.fcdo.gov.uk/about-us/scholarships/
Website (Source) – www.mohe.gov.lk
Closing Date – 2026.10.20

Commonwealth Masters & PhD Scholarships

(Visited 2 times, 2 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed