තිරයේ දෝෂ සහිත iPhone Duo දුරකථන නොමිලේ මාරු කරදීමට ඇපල් සමාගමෙන් තීරණයක්
ඇපල් සමාගම විසින් අලුතින්ම වෙළෙඳපොළට නිකුත් කරන ලද ඇපල් සමාගමේ පළමු නම්යශීලී දුරකථනය වන iPhone Duo දුරකථන මාදිලියෙහි ඇතැම් තිරවල දෝෂ පවතින බවට තහවුරු වී තිබේ. ඒ අනුව, එම දෝෂ සහිත දුරකථන වෙනුවට අලුත් දුරකථන ලබාදීමට පියවර ගන්නා බව ඇපල් සමාගම සඳහන් කර ඇත.
පසුගිය සතියේ වෙළෙඳපොළට නිකුත් කළ iPhone Duo දුරකථන මාදිලිය මිනිත්තු කිහිපයක් ඇතුළත අන්තර්ජාලය ඔස්සේ විකිණී අවසන් වූ අතර ලොව පුරා පාරිභෝගිකයින් රැසක් මේ සඳහා දැඩි උනන්දුවක් දැක්වීය. පොතක් මෙන් නැමිය හැකිවන පරිදි සංකීර්ණ ලෙස නිර්මාණය කර ඇති මෙම දුරකථන මාදිලියේ නිෂ්පාදන ක්රියාවලියේ පවතින සංකීර්ණතාව නිසා සැපයුම් සීමා සහිත වනු ඇති බව විශ්ලේෂකයෝ පවසති. කෙසේ වෙතත්, සති අන්තයේ සමාජ මාධ්ය ඔස්සේ ඇතැම් පාරිභෝගිකයින් පෙන්වා දුන්නේ මෙම දුරකථනය නැමෙන මැද ස්ථානය ආශ්රිත ඇතුළු තිරයේ පැලුම් සහ රේඛා මතුවන බවයි.
මේ සම්බන්ධයෙන් ප්රකාශයක් නිකුත් කරමින් ඇපල් සමාගම පවසා ඇත්තේ, අතළොස්සක් වූ iPhone Duo මාදිලියේ ඇතුළු තිරයේ මෙම ගැටලුව පවතින බවත්, යම් හෙයකින් පාරිභෝගිකයෙකුට මෙවැනි ගැටලුවකට මුහුණදීමට සිදු වුවහොත් ඇපල්කෙයාර් (AppleCare) හරහා දුරකථනය මාරුකර ගැනීමට කටයුතු කරන ලෙසත්ය. තාක්ෂණික අලුත්වැඩියා ආයතනයක් වන iFixit ආයතනය විසින් සිදුකළ පරීක්ෂණවලට අනුව, තිරයට යටින් දිවෙන කේබලයක් සහ මධ්යම ආධාරක තීරුව ආසන්නයේ මෙම දෝෂ හටගන්නා බව සොයාගෙන ඇත. දුරකථනය නමන අවස්ථාවේදී එම ආධාරක තීරුව නිසිලෙස ඉවත්නොවීම නිසා තිරය මත ඇතිවන අධික තදබදය මෙම බිඳීමට හේතු විය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය හමුවේ ඇපල් සමාගම වහාම ක්රියාත්මක වී දෝෂ සහිත දුරකථන මාරුකර දීමට පියවර ගැනීම ඉතා යහපත් සහ නිවැරදි ප්රවේශයක් බව වෙළෙඳපොළ පර්යේෂණ ආයතනයක් වන IDC හි උප සභාපති ෆ්රැන්සිස්කෝ ජෙරෝනිමෝ (Francisco Jeronimo) සඳහන් කළේය.


govdoc blog
Add comment