Govdoc Blog

ඔක්තොම්බර් 01 සිට නුවරට සුඛෝගභෝගී දුම්රියක්

Train

කොළඹ කොටුව සිට මහනුවර අතර විශේෂ සුඛෝගභෝගී සති අන්ත දුම්රියක් පළවෙනිදා (1) සිට ධාවනය වන බව ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

කලින් ආසන වෙන්කිරීමට හැකියාව ඇති මෙම සුඛෝපභෝගී දුම්රියක් අඛණ්ඩව මහ නුවර වෙත සෑම සතිඅන්තයකදීම ධාවනය වීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පෙරවරු 6.30 ට කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන නව දුම්රිය පෙරවරු 9. 18 ට මහනුවරට ළඟා වන අතර නැවත මහුනුවරින් සවස 4.50 ට පිටත් වී රාත්‍රී 7.40 ට කොළඹ කොටුවට ළඟාවීමට නියමිතය.

මහනුවර දක්වා එක් ගමන්වාරයකදී පළමු පන්තියේ ආසනයකට රුපියල් 2000කටත් දෙවැනි පන්තියේ ආසනයක් රුපියල් 1500 කටත් මිලදී ගත හැකි බවත් අමාත්‍යවරයා කීවේය.

ඉදිරියේ දී අනුරාධපුරය දක්වා සුඛෝපභෝගී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, එ සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දීමට නියමිත බවත්, අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

(Visited 73 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed