Govdoc Blog

පළාත් පාලන ආයතන 340ක නිල කාලය අවසන්

පළාත් පාලන ආයතන 341න් 340ක නිල කාලය ඊයේ (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

ඒ අනුව එම ආයතනවල සියලු පරිපාලන කටයුතු අද (20) සිට කොමසාරිස්වරුන් හා ලේකම්වරුන් යටතට පත් කෙරෙන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මහ නගර සභා 29 හි බලය නාගරික කොමසාරිස්වරුන්ට ද, නගර සභා 36 හි සහ ප්‍රාදේශීය සභා 275 හි බලය එම ආයතනවල ලේකම්වරුන්ටද පැවරීමට නියමිතයි.

පළාත් පාලන ආයතනවලින් මහජනතාවට අවශ්‍ය සේවය ඒ ආකාරයෙන්ම ලබාදීමට කටයුතු කරන බවද පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කළා.

(Visited 84 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed