Govdoc Blog

යූරියා මිල අඩු කෙරේ

uria

යුරියා පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 7000කින්  අඩු කිරීමට ප්‍රමුඛ පොහොර සමාගම් ඊයේ  (23) එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි 

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පොහොර ආනයන සමාගම් පැවැත්වූ සාකච්ඡාවකදී මෙම එකඟතාවයට එළඹ ඇත.

රුපියල ශක්තිමත්වීම මෙන්ම දැනට රජය  රුපියල් 10,000ක මුදලකට යුරියා ගොවි ජනතාවට සපයන බැවින් පෞද්ගලික  සමාගම් විසින් අලෙවි කරන පොහොර මිල ද අවම කරන ලෙස අමාත්‍යවරයා එම නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් කළේය.
ඒ අනුව දැනට රුපියල් 18,500කට පමණ අලෙවි කරන යුරියා පොහොර මිටියක් 11,500ක මිලකට අලෙවි කිරීමට එම නියෝජිතයෝ එකඟත්වය පළ කළහ.

මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් දැනට ගොවින් වෙත ලබා දෙන යුරියා පොහොර මිටියක මිල තවදුරටත් අඩු කිරීම සඳහා අවධානය  යොමු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

(Visited 68 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed