Govdoc Blog

සාමාන්‍ය පෙළින් පසු සරසවි යන්න පදනම් විභාගයක්

සාමාන්‍ය පෙළින් පසු සරසවි යන්න පදනම් විභාගයක්

 

  • අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලිවීමෙන් පසු පදනම් විභාගයකට මුහුණ දීමෙන් අනතුරුව රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළු විය හැකි ක්‍රමවේදයක් දරුවන්ට හඳුන්වා දීම පිළිබඳ සලකා බැලීමට තමා සූදානම් යැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඊයේ (මාර්තු 5) පාර්ලිමේන්තුවේදී පැවසීය.
  • අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව තුළ ද මේ පිළිබඳ සඳහන් වී ඇති බවද ඉදිරියේදී පැවැත්වෙන අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මේ පිළිබඳ තීන්දුවක් ගැනීමට නියමිත බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.
  • පෞද්ගලික විශ්වවිද්‍යාල මෙවැනි ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන බව ද එම නිසා පාසල් දරුවෙකුට උසස් අධ්‍යාපනයට පිවිසීමට ඇති කාලය කළමනාකරණය කරගත හැකි බව ද මේ පිළිබඳ ප්‍රශ්නය මතු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසීය.
  • පළාත් මට්ටමින් සියලු ප්‍රාථමික අංශ සිසුන්ට ආහාර ලබා දීමට රුපියල් බිලියන 16.6ක මුදලක් කැබිනට් මණ්ඩලය අනුමත කළ බව ද තවත් සතියකින් එම චක්‍රලේඛය අනුමත වීමට නියමිත බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කීය.

(Visited 1,268 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed