Govdoc Blog
දහම් පාසල් ශ්‍රේණි විභාගය ගැන නිවේදනයක්

දහම් පාසල් ශ්‍රේණි විභාගය ගැන නිවේදනයක්

2021 දහම් පාසල් ශ්‍රේණි විභාගය අප්‍රේල් 03 වනදා පැවැත්වෙන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ, 6 සිට 10 දක්වා ශ්‍රේණි සඳහා එම විභාගය පැවැත්වෙන බවය.

අදාළ විභාගය සඳහා දිවයිනේ දහම් පාසල් 10,320ක දරු දැරියන් 10,50,000ක් පමණ සුදුසුකම් ලබා ඇත. ඒ අනුව, සියලුම දහම් පාසල් විභාග මධ්‍යස්ථාන ලෙසින් ක්‍රියාත්ම කරනු ලබන බව නිවේදනය කරයි. 

එම විභාගයේ අධීක්ෂණ කටයුතු ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලවල ගුරුවරු, ලේඛකාධිකාරී, සභාපති ස්වාමින්වහන්සේලා විසින් සිදුකරනු ලබයි.

අදාළ විභාගයේ කාලසටහන හා උපදෙස් සියලුම දහම් පාසල් ප්‍රධානාචාර්ය ස්වාමින්වහන්සේලා, මහත්ම මහත්මින් වෙත යොමු කර ඇති බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

(Visited 127 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed