Govdoc Blog
World Bank
World Bank

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700 ක්

ඉදිරි මාස කිහිපය තුළ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක පමණ මුදලක් ලබා දෙන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකාවේ නියෝජිතවරිය පවසා තිබෙනවා.

ඒ අනුව ඇය පසුගියදා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් හමුවූ අවස්ථාවේදී මේ බව සඳහන් කර ඇති බවයි විදේශ අමාත්‍යංශය සඳහන් කළේ.

ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි අනෙකුත් සංවිධාන සමග ලෝක බැංකුව කටයුතු කරන බවත්, එම ආයතන විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති ‘ප්‍රතිව්‍යුහගත’ කරන ලෙස එම ආයතන දිරිමත් කිරීමට කටයුතු කරන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

(Visited 61 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed