Govdoc Blog

විදුලි සංදේශ බදු පනත ඇතුළු පනත් කිහිපයක් සංශෝධනයට කැබිනට් අනුමැතිය

tax
tax
රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා පනත් කිහිපයක් සං‌ශෝධනය කිරිම සඳහා අවශ්‍ය පනත් කෙටුම්පත් සකස් කිරිමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ අනුව දේශීය ආදායම් බදු පනත, එකතු කළ අගය මත බදු පනත, විදුලි සංදේශ බදු පනත,ඔට්ටු හා සූදු පනත, මූල්‍ය කළමනාකරණ (වගකීම් ) පනත සංශෝධනය කිරීම සඳහා මෙලෙස අනුමැතිය ලබාදී තිබෙනවා.
2019 වසරේදී බදු ප්‍රතිපත්තිය ලිහිල් කිරීම තුළින් රාජ්‍ය ආදායම සැලකියුතු ලෙස අඩුවී ඇති බවයි මුදල් අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට පෙන්වාදී තිබෙන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්,

Cabinate Paper

වහාම ක්රියාත්මක වන පරිදි (2022/6/1) එකතු කළ අගය මත බද්ද(වැට් බද්ද) 8% සිට 12% දක්වා ඉහළ දමා ඇත.
තවද, විදුලි සංදේශ බද්ද ද 11.25% සිට 15% දක්වා ඉහළ දමා ඇත.
තවද 2022 ඔක්තෝබර් මාසයේ සිට
පුද්ගල ආදායම් බදු සහනය මිලියන 3 සිට මිලියන 1.8 දක්වා අඩු කිරීමටත්, බදු කාන්ඩ මත පරතරය මිලියන 3 සිට මිලියන 1.2 දක්වා අඩු කිරීමටත් බදු අනුපාත 4% සිට 32 දක්වා පැනවීමටත් යෝජිතයි.
ඉහත යෝජනා සහ තවත් යෝජනා සඳහා මේ සමඟ ඇති ඇමුනුම පිරික්සන්න.

Tax Increase

(Visited 120 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed