Govdoc Blog

දිමුත් එංගලන්තයට

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න මෙවර එංගලන්ත ප්‍රාන්ත තරගවාරයේදී යෝක්ෂයර් පිලට ක්‍රීඩා කිරීමට නියමිතය. අයිසීසී ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල මේ වන විට 6 වැනි ස්ථානයේ පසු වන දිමුත් මේ සඳහා වන ගිවිසුමට පසුගියදා අත්සන් තැබූ බව වාර්තා වේ. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයා එංගලන්තයේ ප්‍රාන්ත තරග බිමට එක් වන්නේ පළමු වරටය.

යෝක්ෂයර් පිල නියෝජනය කරමින් ඔහු පළමුව මෙවර තරගවාරයේ ආරම්භක සිව්දින තරග 4කට සහභාගි වීමට නියමිත බවත්, අනතුරුව මැයි මාසයේ ශ්‍රී ලංකා පිලේ බංග්ලාදේශ සංචාරයට සහභාගි වීමෙන් පසු නැවත ජූනි මාසයේදී යළි යෝක්ෂයර් පිලට එක් වන බවත් වාර්තා වේ.

යෝක්ෂයර් ප්‍රාන්ත පිලට එක් වීම සඳහා අප්‍රේල් මස 10 වැනිදා ඔහු එංගලන්තය බලා පිටත් වීමට නියමිතය. විදෙස් තරග බිමේ ක්‍රීඩා කිරීමට දිමුත්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතිය (No Objection Certificate) හිමි වී ඇත.

ඔහු මෙවර එංගලන්ත ප්‍රාන්ත තරග බිමට එක් වන දෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන අතර, පසුගියදා ක්‍රීඩාවෙන් සමු ගත් වේග පන්දු යවන සුරංග ලක්මාල් ඩර්බිෂයර් ප්‍රාන්ත පිල සමඟ වසර දෙකක ගිවිසුමකට එළැඹී සිටී.

(Visited 44 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed