2025 (2026) සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ අප්‍රේල් 22 ආරම්භ වේ
2025 (2026) අධ්‍යයන වර්ෂයට අදාළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ, 2026 අප්‍රේල් 22 වැනිදා සිට මැයි 04 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
අපේක්ෂකයින් 162,587 දෙනෙකු වෙනුවෙන් දිවයින පුරා පරීක්ෂණ මණ්ඩල 1,198කදී මෙම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් ඇත.
පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර සහ කාලසටහන් අදාළ විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇති අතර, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත තැපැල් කර ඇත. මීට අමතරව, අද (10) සිට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හරහා ද ප්‍රවේශ පත්‍ර බාගත කර ගැනීමට අවස්ථාව සලසා ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.
ඒ සදහා අදාල නිවේදනය පහතින් දැක්වේ.



govdoc blog
Add comment