2026 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය ආරම්භ වේ.
මේ වන විට, 2026 වසර සදහා ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලිය ආරම්භ කර ඇත.
ඒ අනුව, මෙම වර්ෂයේදී ග්‍රාම නිලධාරිවරුන් නිවෙස් වෙත නොපැමිණෙන අතර, 2025 ඡන්දහිමි නාමලේඛනයේ ඉවත් වන හා 2026 වර්ෂයට ඇතුළත් කිරීමට හිමිකම් ලබන නම් ඇසුරින් ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය සිදු කරන බව සඳහන් වේ.
යම් තැනැත්තකුගේ නම 2025 ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම්, 2026 වර්ෂය සඳහා ද 2025 ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිව සිටින ලිපිනය යටතේම ලියාපදිංචි කිරීම සඳහා ක්‍රියා කරනු ඇති අතර, ඔවුන් විසින් කිසිදු ආකෘතියක් සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවවැඩිදුරටත් සඳහන් වේ.
2025 වර්ෂයේ ලියාපදිංචි වී නොමැති හෝ වයස අවුරුදු 18 සම්පූර්ණ වීම මත ප්‍රථම වරට ඡන්දහිමියකු ලෙස ලියාපදිංචි වන්නේ නම් හෝ 2026 වර්ෂයේ ලියාපදිංචි ලිපිනය වෙනස් කළ යුතු වන්නේ නම් 2026 වර්ෂයේ ඡන්දහිමියෙකු ලෙස ලියාපදිංචි වීම සඳහා 2026/ER ආකෘති පත්‍රයක් සම්පූර්ණ කර ග්‍රාම නිලධාරීතුමා වෙත භාර දිය යුතුය.
එසේම www.elections.gov.lk වෙබ් අඩවිය හරහා ද ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි වීම සඳහා මාර්ගගතව ඉල්ලුම් කිරීමට අවස්ථාව සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.
| Paper Notice (AD) | Download |
| Website | Click Here |



govdoc blog
Add comment