Govdoc Blog

2026ට සංවර්ධන අය-වැයක්

Budget

2026ට සංවර්ධන අය-වැය

 

ජාතික ජන බලවේග ආණ්ඩුව 2026ට ඉදිරිපත් කරන්නේ සංවර්ධනය ඉලක්ක කරගත් අය-වැයක් යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස ඊයේ (සැප්. 9) පැවසීය.

ආර්ථිකයේ ස්ථාවරත්වය ජනතාවගේ ජීවිතවලට ගලාගෙන යන ව්‍යාපෘති රැසක් ගැන දැනටමත් යෝජනා ලැබී ඇතැයි ද ඒවා සැලකිල්ලට ගෙන සංවර්ධනය ඉලක්ක කරගත් අය-වැයක් සැකසෙනු ඇතැයිද ඔහු සඳහන් කළේ ය.

නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබූ 2026 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය මේ වනවිට ලැබී ඇත.

එය රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මුදල් – ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මීළඟ අය-වැය ගැන මෙසේද කීවේය.

“සංවර්ධනය ඉලක්ක කරගනිමින් තමයි මෙවර අය-වැය සැකසෙන්නේ. කොවිඩ් කාලයට පෙරත් ආරම්භ කර නතර කළ ව්‍යාපෘති රැසක් තිබෙනවා. ඒවා ජන ජීවිතයට විශාල වශයෙන් අදාළයි. ඒවායේ කාලවකවානු හා පිරිවැය ඇස්තමේන්තු සංශෝධනය කරමින් අමාත්‍යාංශ මගින් මේ වනවිට යෝජනා දී තිබෙනවා. කෙටියෙන් කිවහැක්කේ 2026ට ඉදිරිපත් කෙරෙන්නේ සංවර්ධනය ඉලක්ක කරගත් අය-වැයක්. මේ ආර්ථිකයේ ස්ථාවරත්වය ජනතාවගේ ජීවිතවලට ගලාගෙන යන ව්‍යාපෘති රැසක් ගැන යෝජනා ලැබී තිබෙනවා. ප්‍රාදේශීය සංවර්ධන වැඩවලදී රජයේ ක්‍ෂේත්‍ර නිලධාරීන් සඳහා කැබ් රථ 2,000ක් මිලදී ගත යුතු යැයි යෝජනාව පැමිණියේත් ඒ අනුවයි.”

(Visited 29 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed