මෙරට භාවිතයට නොගන්නා ඉඩම්වල මහා පරිමාන ගොවිපොළ ඉදි කිරීමට චීනයෙන් යෝජනා
ශ්‍රී ලංකාවේ දැනට භාවිතයට නොගන්නා ඉඩම්වල ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීමට චීනයේ අවධානය යොමුව ඇත.
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ මහවැලි අධිකාරියට අයත් දැනට භාවිතයට නොගන්නා ඉඩම් මේ සඳහා යොදා ගැනීමට අවධානය යොමු වී ඇත.එවැනි ඉඩම්වල විශාල ප්‍රමාණයේ කිරි නිෂ්පාදන ගොවිපොළ සහ අපනයනය ඉලක්ක කර ගත් එළවළු, පලතුරු ආදි කෘෂි නිෂ්පාදන සිදු කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇත.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ චීන වාණිජ මණ්ඩලයේ නියෝජිත පිරිසක් අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගියදා කාෂිකර්ම අමාත්‍යාංශයේදී පැවති අතර එහි දී මේ පිළිබඳ වන නිශ්චිත යෝජනාවලියක් ඉදිරිපත් කෙරිණි. චීන නියෝජිත පිරිස මේ යෝජනාවලිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙතද ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.



govdoc blog
Add comment