Govdoc Blog

තරුණ ව්‍යවසායකයින් දිරිමත් කිරීම සඳහා සහනදායි ණය යෝජනා ක්‍රමයක්.

තරුණ ව්‍යවසායකයින් දිරිමත් කිරීම සඳහා සහනදායි ණය යෝජනා ක්‍රමයක්.

2025 අයවැය යෝජනා පරිදි කෘෂිකර්ම හා කර්මාන්ත අංශයේ නියුතු ව්‍යවසායකයින් සංවර්ධනය කිරීම සඳහා සහනදායී ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ආයෝජන දිරිමත් කිරීම සඳහා සහනදායී මූල්‍ය පහසුකම් නොමැති වීම කෘෂිකාර්මික අංශයේ ව්‍යවසායකයින් ඇති කිරීමට බාධාවක් ලෙස හඳුනාගෙන තිබෙනවා.එම තත්ත්වය කෘෂිකර්මාන්තය සඳහා තරුණ ව්‍යවසායකයින්ගේ ආකර්ෂණය අඩු වීමට මෙන් ම, වගා නොකළ ඉඩම් ප්‍රමාණය ඉහළ යාමට හා ආහාර නිෂ්පාදනය පහළ යාමට හේතු වන බව ද නිරීක්ෂණය කළා.

එබැවින්,

2025 අයවැය යෝජනාවක් පරිදි කෘෂිකර්ම හා කර්මාන්ත අංශයේ නියුතු ව්‍යවසායකයින් සංවර්ධනය කිරීම සඳහා සහනදායී ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිණිස රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය වසර 05ක කාලයක් සඳහා ක්‍රියාත්මක වන අතර, ප්‍රතිලාභියෙකුට උපරිම ණය පහසුකම වශයෙන් රුපියල් මිලියන 05ක් ලබා දීමට යෝජනා වුණා.

අදාළ සහනදායී ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභීන්ගෙන් අය කළ යුතු පොළිය, හිඟ ණය මුදලින් වාර්ෂිකව 4%ක් බවයි සඳහන් වෙන්නේ

ඒ අනුව, වසර 05ක් ඇතුළත කෘෂිකාර්මික ව්‍යවසායකයින් 50,000ක් නිර්මාණය කිරීමේ රජයේ අරමුණ ද සාක්ෂාත් කර ගත හැකි වන පරිදි අදාළ සහනදායී ණය යෝජනා ක්‍රමය ලංකා බැංකුව, මහජන බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමඟ එක් ව ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

Agricultural loan scheme

 

(Visited 145 times, 1 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed