Govdoc Blog

පොහොර ලබා ගන්න ගොවීන්ට QR ක්‍රමවේදයක්

QR Scan

පොහොර ලබා ගන්න ගොවීන්ට QR ක්‍රමවේදයක්

 

  • ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබා දීම ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
  • රජය සඳහන් කළේ, ගොවින් වෙත පොහොර සහනාධාර ලබා දීමේදී ගොවින් වෙත එකී සහනාධාරය නිසි වේලාවට ලැබෙන බව සහ එම මූල්‍යාධාරය ඔවුන් විසින් සිය ගොවිතැන් කටයුතු සඳහා වන පොහොර අවශ්‍යතාව සඳහා සම්පුර්ණ වශයෙන් යොදා ගන්නා බව සහතික කර ගැනීමේ අවශ්‍යතාව මතුව ඇති බව ය.
  • එබැවින්, එම පසු විපරම් කාර්යයට ද පහසුකම් සලසමින් ගොවි ජනතාවට පොහොර ලබා දීම වඩා විධිමත්ව හා කාර්යක්ෂමව සිදු කිරීම සඳහා QR කේතය හෝ සුදුසු ඩිජිටල් ක්‍රමවේදයක් යොදා ගැනීමේ යෝග්‍යතාව හඳුනාගෙන ඇති බව රජය සඳහන් කරයි.
  • ඒ අනුව, පොහොර සහනාධාර වැඩසටහන සඳහා සුදුසුකම් ලබන සියලු ගොවීන් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ සිටින ප්‍රාදේශීය නිලධාරින් මගින් හඳුනා ගැනීමටත්, එසේ සුදුසුකම් ලබන ගොවි ජනතාව වෙත පොහොර සහනාධාරය ලබා දීම සඳහා QR ක්‍රමවේදය හෝ සුදුසු ඩිජිටල් යාන්ත්‍රණයක් සැකසීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
  • ඩිජිටල් ආර්ථික අමාත්‍ය ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

(Visited 65 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed