Govdoc Blog

අයහපත් කාලගුණය හේතුවෙන් හානි වූ බෝග 6කට රජයෙන් වන්දි

flood

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත් බෝග වර්ග 6ක් සඳහා වන්දි දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව, වී, බඩ ඉරිඟු, අර්තාපල්, මිරිස්, ලොකුලුණු සහ සෝයා බෝංචි යන බෝග වර්ග 6 සඳහා මෙම වන්දි මුදල ලබා දෙන බව රජය පැවසීය.

රජය සඳහන් කළේ, පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බොහෝ දිස්ත්‍රික්කවල නිවාස, මහා මාර්ග, කුඹුරු හා වගා භූමි ජලයෙන් යටවීමත්, වැව් අමුණු හා ඇළවේලි විශාල ප්‍රමාණයක් කැඩී යාමත් හේතුවෙන් මහ ජනතාවට විවිධ අපහසුතාවයන්ට මුහුණ පෑමට සිදු වූ බව ය.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2024.12.02 දින වනවිට දිවයින පුරා දළ වශයෙන් කුඹුරු අක්කර 86,225ක් පමණ අර්ධ හානියට ලක්ව ඇති බව ත් ඊට අමතරව සුළු වාරිමාර්ග 173ක් පුර්ණ වශයෙන් විනාශ වී ඇති අතර 1,148කට අර්ධ වශයෙන් හානි සිදු වී ඇති බව ත් රජය පැවසීය.

එසේ ම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් එළවළු වගා අක්කර 750ක් පමණ විනාශ වී ඇති බවට වාර්තා වී තිබේ.

තව ද, හානියට පත් කුඹුරුවල නැවත මාස 2 1/2 හෝ මාස 3කට ‘වී’ ප්‍රභේදයන් හෝ සුදුසු කෙටිකාලීන බෝගයන් වගා කිරීම සඳහා අවශ්‍ය බිත්තර වී සහ බීජ සපයා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කරමින් පවතින බව රජය පැවසීය.

පවතින වගා රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වී වගාව සඳහා උපරිම වශයෙන් හෙක්ටයාර 2ක් (අක්කර 5ක්) දක්වා අක්කරයකට උපරිම වශයෙන් රුපියල් 40,000ක හානි පුර්ණයක් ලබා දෙයි.

බඩ ඉරිඟු, අර්තාපල්, මිරිස්, ලොකුලුණු සහ සෝයා බෝංචි යන බෝග වර්ග 5 සඳහා උපරිම වශයෙන් හෙක්ටයාර 1ක් (අක්කර 2.5) දක්වා අක්කරයකට උපරිම වශයෙන් රුපියල් 40,000ක හානි පුර්ණයක් 2025 වර්ෂය සඳහා කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වෙත වෙන් කරනු ලබන ප්‍රතිපාදනවලින් ලබා දීමට ඉදිරියේදී කටයුතු සිදු කරන බව රජය පැවසීය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය ලාල්කාන්ත විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ තිබේ.

(Visited 48 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed