බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී තනතුරු වලට අදාල කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත
2025 වර්ෂයට අදාල බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් සමුපකාර සංවර්ධන නිලධාරී තනතුරේ පළමු වන ශ්‍රේණියට අදාල තෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේ සහ බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී තනතුරේ දෙවන ශ්‍රේණිය සදහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේ විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත.
1. සමුපකාර සංවර්ධන නිලධාරී තනතුරේ පළමු වන ශ්‍රේණිය සදහා වන තෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය
නිබන්ධනය භාරදීමේ අවසන් දිනය 2025-12-15 වූ අතර නිබන්ධනය භාර දීමේ අවසාන දිනය, කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සම්පුර්ණ කල දිනය ලෙස සැලකේ. නිබන්ධනය සදහා අවම වශයෙන් 40% ක් හෝ ඊට වැඩියෙන් ලකුණු ලබාගත් අයදුම්කරුවන් කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සමත් ලෙස සලකනු ලැබේ. නිබන්ධනය ඉදිරිපත් නොකල අයදුම්කරුවන් (AB) සංකේතයෙන් දක්වා ඇත.
- නිබන්ධනය භාරදීමේ අවසාන දිනය : 2025-12-15
2. සංවර්ධන නිලධාරී තනතුරේ දෙවන ශ්‍රේණිය සදහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය
මෙහිදී එක් එක් විෂයය සදහා අවම වශයෙන් 40% ක් හෝ ඊට වැඩියෙන් ලකුණු ලබාගත් අයදුම්කරුවන් විභාගය සමත් ලෙස සලකනු ලැබේ. එක් එක් ප්‍රශ්න පත්‍රය සදහා නොපැමිණි අයදුම්කරුවන් (AB) සංකේතයෙන් දක්වා ඇත. එක් එක් විෂයය සදහා අයදුම් කර නොමැති අයදුම්කරුවන් (—-) සංකේතයෙන් දක්වා ඇත.
- විභාගය පැවැත්වූ දිනය : 2025-12-20
| Results for Job 1 | Download |
| Results for Job 2 | Download |
| Source | Gazette (2026-03-13) |


govdoc blog
Add comment