Govdoc Blog

විභාග සඳහා ජාතික හැඳුනුම්පත අනිවාර්යය බවට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

blog

විභාග සඳහා ජාතික හැඳුනුම්පත අනිවාර්යය බවට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන සියලුම නිල විභාග සඳහා අයදුම් කිරීමේදී ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම මින් ඉදිරියට අනිවාර්ය කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිල නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත. විභාග ක්‍රියාවලියේ විනිවිදභාවය, ආරක්ෂාව සහ විධිමත්භාවය තහවුරු කිරීම සඳහා මෙම නව තීරණය ගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් කාර්යාලය පෙන්වා දෙයි.

විශේෂයෙන්ම එලබෙන 2026 වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව ඇති 2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ (සා/පෙළ) විභාගය සදහා පෙනී සිටීමට අපේක්ෂා කරන සියලුම අයදුම්කරුවන්ගේ ජාතික හැඳුනුම්පත් කඩිනමින් සකස් කර ගැනීමට පියවර ගන්නා ලෙස දිවයිනේ සියලුම රජයේ සහ පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන් වෙත දැනටමත් චක්‍රලේඛ මගින් උපදෙස් සහ අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඒ අනුව, එම විභාගය සඳහා නිල වශයෙන් අයදුම්පත් කැඳවීම ආරම්භ කිරීමට පෙර තම ජාතික හැඳුනුම්පත් නිසි ලෙස සකස් කර තබා ගැනීම සියලුම පාසල්වල මෙන්ම පෞද්ගලික අයදුම්කරුවන්ගේ ද පරම වගකීමක් බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත. හැඳුනුම්පත් නොමැතිවීම හේතුවෙන් විභාග අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී සිදු විය හැකි අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහා අදාළ ලේඛන සකස් කර ගන්න ලෙස සිසුන්ට සහ දෙමාපියන්ට දැනුම් දෙනු ලැබේ.

(Visited 65 times, 1 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed