Govdoc Blog

ඖෂධ ගන්න ලෝක බැංකුවේ සහාය

මෙරට රෝගීන්ට අවශ්‍ය ඖෂධ කඩිනමින් දීමට ලෝක බැංකුව තීරණය කර තිබේ.

විදේශ විනිමය අර්බුදය හමුවේ මෙරටට අවශ්‍ය ඖෂධ අඛණ්ඩව සැපයීමට සහාය දෙන ලෙස ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා ලෝක බැංකුවෙන් කළ ඉල්ලීමකට අනුව මේ ප්‍රතිචාරය දක්වා තිබේ.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය පිළිබඳ අධ්‍යක්ෂ ලිනේ ෂර්බන් බෙන්ස් මහත්මිය ඇතුළු විශේෂ නියෝජිත කණ්ඩායම හමු වූ අවස්ථාවේ ඇමැතිවරයා මේ බව ඔවුන්ට දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ දීමට අවශ්‍ය කටයුතු කඩිනමින් යොදන බව එහිදී බෙන්ස් මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකාව තුළ එන්නත්කරණ වැඩපිළි‍වෙළේ සාර්ථකත්වය පිළිබඳ කලාපීය අධ්‍යක්ෂවරිය එම අවස්ථාවේදී විශේෂ ඇගැයීමක් කළ අතර, ෆයිසර් එන්නත ගැනීමේදී ලෝක බැංකුව ශ්‍රී ලංකාව වෙත දුන් මූල්‍යාධාරය වෙනුවෙන් රාජ්‍ය ඇමැතිවරයා විශේෂ ස්තුතියක් ද කළේය.

මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා ද සහභාගි විය.

(Visited 33 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed