වැට් බදු ඉහළ දැමීම සහ නිෂ්පාදන වියදම ඉහළ යාම හේතුවෙන් මත්පැන් මිල ඉහල දැමීමට මත්පැන් සමාගම් තීරණය කර තිබෙනවා.
සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ එසැණ කළ විමසීමදී සඳහන් කළේ, අදාළ සංශෝධිත මිල ගණන් එම සමාගම් විසින් මේ වන විට සුරා බදු දෙපාර්තමේන්තුවට දැනුම් දෙමින් ඇති බවයි.
මත්පැන් මිල අදාළ සමාගම් වෙත තීරණය කළ හැකි බවත් වැට් බද්ද 8% සිට 12% දක්වා ඉහළ දැමීමත් සමඟ සමාගම් විසින් මිල සංශෝධනය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 
(Visited 112 times, 1 visits today)


govdoc blog
Add comment