Govdoc Blog

ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක්

ඩෙංගු වසංගතය යලි ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.

ඒ අනුව බස්නාහිර පළාත තුල ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ අගයක් ගන්නා බවත් ඩෙංගු රෝගය පැතිරීමේ අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, යාපනය, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්ක හඳුනාගෙන ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කළා.

2022 වර්ෂයේ මේ දක්වා ඩෙංගු රෝගීන් 26,622 දෙනෙකු හඳුනාගෙන ඇති අතර පසුගිය දින 8 ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 2416ක් වාර්තාවී ඇති බවයි සඳහන් වන්නේ‍.

මේ දිනවල කිසියම් පුද්ගලයකුට උණ , ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍ය උපදෙස් නොපමාව ලබා ගන්නා ලෙස ජාතික බෝවන රෝග මධ්‍යස්ථානයේ කායික රෝග විෂශ්ඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වැඩිදුරටත් සඳහන් කළා.

තම ගෙවත්තේ මදුරුවන් බෝ වන ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කිරීම හා තම ප්‍රදේශයේ පොදු ස්ථාන වල මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කරමින් ඩෙංගු අවදානම තුරන් කරගැනීමට ජනතාවට දායක වන ලෙසයි වෛද්‍යවරුන් ඉල්ලා සිටියේ.

Dengue

 

(Visited 163 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed