Govdoc Blog

භූමිතෙල් මිලත් වැඩි වේ.

Kerosene

භූමිතෙල් මිල හෙට අනිද්දා අනිවාර්යෙන්ම වැඩි කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ විදේශ විනිමය පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.

භූමිතෙල් දැන් අලෙවි කැරෙන්නේ රුපියල් 87කට බවත් සංස්ථාවට භූමිතෙල් සඳහා රුපියල් හාරසිය විස්සක් වියදම් වෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන්ධන ටික හරියාකාරව බෙදන්න නම් ඉන් පාඩුවක් අත් නොවිය යුතු බවද ඔහු පැවසුවේය.

කංචන විජේසේකර මහතා මෙසේද සඳහන් කළේය.

“සංස්ථාව මේ දක්වා තියෙන දුන්නේ අඩු මිලට. දැන් ඒක කරන්න බැහැ.

“භූමිතෙල් මිල වැඩි කළාම ධීවරයාට ආණ්ඩුව ගහනවා කියලා චෝදනා කරාවි. අනිත් පැත්තෙන් ඔවුන් ඉන්ධන දෙන්න කියලා කෑගහනවා.

ඉන්ධන ටික දෙන්න නම් පාඩුවක් නැතිව අලෙවි කරන්න ඕන. අපිට ණය ගෙවන්න සහන කාල සීමා දැන් ලැබෙන්නේ නැහැ.

ඩොලර් වගේම රුපියල් එකතු කිරීමත් අද ප්‍රශ්නයක්. ඛනිජ තෙල් සංස්ථාවේ ණය සීමාව වැඩි කළ යුතුයි කියලා යෝජනා කරන්නේ ඒ නිසයි. අගමැතිතුමා ඒ සඳහා කටයුතු කරනවා..

(Visited 53 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed