Govdoc Blog

රැකියා සඳහා භාෂාව නොමැතිව කොරියා යාමට අවස්ථාව

Job

වෙල්ඩින්, ග්‍රයින්ඩින්, පේන්ටින් වැනි ක්ෂේත්‍රවල දක්ෂතාව ඇති පුද්ගලයින්ට කොරියාවේ රැකියා සඳහා යාමට අවස්ථාව ඇති බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසනවා.

එම රැකියා කාණ්ඩ සඳහා කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත්වීම අනවශ්‍ය බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව වයස අවුරුදු 45ක් දක්වා මේ සඳහා උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට විදේශ රැකියා ප්‍රවර්ධන කාර්යාංශය යටතේ නාවල පිහිටි රැකියා ඒජන්සිය වෙත යෑමේ හැකියාව පවතින බව ඔහු සඳහන් කළා.

එහි ඇති තාක්ෂණික කමිටුව සමඟ සාකච්ඡා කර කොරියානු රජයේ රැකියාවක් ලබා ගැනීමේ හැකියාව පවතින බවත්, මාසික වැටුප ශ්‍රී ලංකා රුපියල්වලින් ලක්ෂ අටහාමාරෙන් පමණ ආරම්භ වන බවත් මේ සඳහා NVQ සහතිකය අවශ්‍ය නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

(Visited 209 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed