Govdoc Blog

රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීම් තාවකාලිකව නවතී

Government

රාජ්‍ය සේවය සඳහා අත්‍යාවශ්‍ය නොවන බඳවා ගැනීම් තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර ඇතැයි වැඩබලන කැබිනට් ප්‍රකාශක, කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

ඉදිරි කාලයේ දී සේවා පවත්වාගෙනයාම සඳහා සේවක අතිරික්තයක් තිබෙන අංශවලින් සේවකයන් යොදාගැනීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ඇමතිවරයා සඳහන් කළේය.

මේ වෙනුවෙන් රාජ්‍ය සේවයේ බඳවාගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම වෙනුවෙන් කමිටුවක් පත්කිරීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමතිවරයා ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද රමේෂ් පතිරණ මහතා කීවේය.

වර්තමානයේ පවතින ආර්ථික තත්වය හමුවේ රාජ්‍ය සේවය වඩා විධිමත්ව, කාර්යක්‍ෂමව හා ඉහළ මට්ටමකින් පවත්වාගෙනයාම අරමුණු කරගෙන විවිධ අංශවල ඇති පුරප්පාඩු හා අතිරික්තයන් ගණනය කිරීමෙන් පසු එම සේවක සංඛ්‍යා තුලනය කිරීමට ද එම කමිටුව වැඩපිළිවෙලක් සකසනු ඇතැයි හෙතෙම පැවසීය.

(Visited 98 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed