අද (03) දහවල් 02 සිට හෙට (04) දිනයේ 75 වන ජාතික නිදහස් දිනය අවසන් වනතුරු ගාලු පාර, බාලදක්ෂ මාවත හන්දියේ සිට ගාලු මුවදොර වටරවුම දක්වා උත්සවය පැවැත්වෙන කොටස වසා තබන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරනවා.
එමෙන්ම අද (03) සවස 06 සිට හෙට (04) උදෑසන 10 දක්වා බම්බලපිටිය දුම්රියපොළ හංදියේ සිට කොල්ලුපිටිය හන්දිය දක්වා මුහුදු මාවත කොටස වසා තබන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

(Visited 154 times, 1 visits today)


govdoc blog
Add comment