Govdoc Blog

ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියක්

3 whhelers-electric

මෙරට පවතින ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (11) සිට ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

එම ව්‍යාපෘතිය යටතේ පළමු අදියර වශයෙන් ත්‍රිරෝද රථ 300ක් විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරීම සිදුකරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සඳහන් කළා.

ඒ අනුව ඉදිරියේදී ලක්ෂ 5 ක් පමණ ත්‍රීරෝද රථ ප්‍රමාණයක් විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරිමට බලාපොරොත්තු වන බවයි ඔහු සඳහන් කළේ.

ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරීම මඟින් පරිසරයට කිසිදු හානියක් නොවන බවද ත්‍රීරෝද රථවලටද මෙමගින් විශාල ලාභයක් ඇති වන බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

(Visited 95 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed