Govdoc Blog

ලොතරැයි මිල දෙගුණ වෙයි

Lottery

ලොතරැයි පතක මිල ලබන ජුලි මස පළවෙනිදා සිට රුපියල් 40 දක්වා වැඩි කිරීමට රජය පියවර ගනිමින් සිටින බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිශාන්ත ක්‍රිෂාන්ත මාරඹගේ මහතා පැවසීය.

ඒ අනුව රුපියල් විස්සක ලොතරැයි පතක් දෙගුණයකින් වැඩිවනු ඇත.

ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය මේ බව සනාථ කර සිටියේය.

මෙම වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී ඇති බවත් එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි .

මේ අතර ලොතරැයි පත්වල මිල වැඩි කරන්නේ නම් දැනට අලෙවි නියෝජිතයින්ට එක් ලොතරැයි පතක් වෙනුවෙන් ගෙවනු ලබන රුපියල් 3. 75 ක කොමිස් මුදල රුපියල් 8 දක්වා වැඩි කළ යුතු බවද ක්‍රිෂාන්ත මහතා පෙන්වා දුන්නේය.

කොමිස් මුදල රුපියල් අට දක්වා වැඩි නොකරන්නේ නම් ලොතරැයි පත් අලෙවි කිරීමට නොහැකි තත්ත්වයක් උදාවන බව ද ඔහු පවසයි.

ලොතරැයි පත්වල මිල වැඩි කිරීමට තම සංගමය විරෝධය පළ කරන බව ද ඒ මහතා පෙන්වා දුන්නේ ය.

මිල වැඩි කිරීමට ලොතරැයිපත් මිලදී ගන්නා අය තුළ ද විරෝධයක් පවතින බව ඔවුන් හා කළ කතාබස් කතා බහේදී පෙනී යන්නේ යැයි ක්‍රිශාන්ත මහතා වැඩිදුරටත් කීය.

(Visited 125 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed