Govdoc Blog

T20 ලෝක කුසලානය 2024 : ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) උදෑසන දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයේ උප නායකත්වය චරිත් අසලංක වෙත පැවරී තිබෙනවා.

ඊයේ (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග සඳහන් කළේ, තරගාවලිය ආරම්භ වීමට සති දෙකකට පමණ පෙර දිවයිනෙන් පිටත්ව යාමට සැලසුම් කළේ තරගාවලියට මනා පෙර සූදානමකින් යුතුව මුහුණ දීමේ අරමුණ ඇතිව බවයි.

තරගාවලියේ සම සත්කාරක රටක් වන ඇමෙරිකා එක්සත් ජනපදයේ තණතීරු සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැති වීම හේතුවෙන් මෙලෙස දින ගණනාවකට පෙර එරටට පිටත්ව යාම ඉතා වැදගත් බවයි ඔහු පෙන්වා දුන්නේ.

(Visited 58 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed