Govdoc Blog

දිස්ත්‍රික්ක කිහිපයක රජයේ පාසල් හෙටත් වැසෙයි

School Closed

දිස්ත්‍රික්ක කිහිපයක රජයේ පාසල් හෙටත් වැසෙයි

  • පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පළාත් කිහිපයක පාසල් තවදුරටත් වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ.
  • ඒ අනුව, සබරගමුව පළාතේ රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් හෙට (ජූනි 4) දිනයේ වසා තැබීමට තීරණය කර ඇත.
  • ඊට අමතරව දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පාසල් හෙට සහ අනිද්දා (ජූනි 5) යන දෙදින තුළ වසා තැබීමට තීරණය කර තිබේ.
  • තව ද බස්නාහිර පළාතේ කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම කලාපයේ පාසල් ද හෙට (ජූනි 4) දිනයේ වසා තැබෙනු ඇත.
  • අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, දිවයිනේ සෙසු පළාත්වල හා කලාපවල පාසල් සාමාන්‍ය පරිදි හෙට දිනයේදී පැවැත්වීමට තීරණය කර ඇති බව ය.
  • ඉදිරි දිනවලදී පවතින කාලගුණ තත්ත්වය මත ඒ ඒ බලධාරීන් විසින් ඉදිරි දිනවල පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කරනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ ය.
(Visited 97 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed