Govdoc Blog

දිස්ත්‍රික්ක කිහිපයක රජයේ පාසල් හෙටත් වැසෙයි

School Closed

දිස්ත්‍රික්ක කිහිපයක රජයේ පාසල් හෙටත් වැසෙයි

  • පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පළාත් කිහිපයක පාසල් තවදුරටත් වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ.
  • ඒ අනුව, සබරගමුව පළාතේ රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් හෙට (ජූනි 4) දිනයේ වසා තැබීමට තීරණය කර ඇත.
  • ඊට අමතරව දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පාසල් හෙට සහ අනිද්දා (ජූනි 5) යන දෙදින තුළ වසා තැබීමට තීරණය කර තිබේ.
  • තව ද බස්නාහිර පළාතේ කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම කලාපයේ පාසල් ද හෙට (ජූනි 4) දිනයේ වසා තැබෙනු ඇත.
  • අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, දිවයිනේ සෙසු පළාත්වල හා කලාපවල පාසල් සාමාන්‍ය පරිදි හෙට දිනයේදී පැවැත්වීමට තීරණය කර ඇති බව ය.
  • ඉදිරි දිනවලදී පවතින කාලගුණ තත්ත්වය මත ඒ ඒ බලධාරීන් විසින් ඉදිරි දිනවල පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කරනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ ය.
(Visited 1 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed