Govdoc Blog

ප්‍රජා විශෝධන නිලධාරී තනතුර (II ශ්‍රේණිය) විවෘත බඳවා ගැනීම් – 2025

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය.

ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර/කාර්යාල නිලධාරී – ඛණ්ඩ 2

ප්‍රජා විශෝධන නිලධාරී තනතුර (II ශ්‍රේණිය) විවෘත බඳවා ගැනීම් – 2025

ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ (ඌව, උතුරු මැද, උතුර, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත් කාර්යාල වල) ප්‍රජා විශෝධන නිලධාරී II ශ්‍රේණියේ තනතුරේ පුරප්පාඩු 08ක් පිරවීම සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

  • බඳවා ගැනීමේ ක්‍රමය:
    පුරප්පාඩුව සඳහා බඳවා ගැනීම් ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් විසින් පත් කරන ලද සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් විසින් පවත්වනු ලබන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයකදී ලබාගත් ලකුණු මත පදනම් වේ.
  • වැටුප් පරිමාණය :
    රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 10/2025 හි උපලේඛන I ප්‍රකාරව මෙම තනතුර සඳහා අදාළ වැටුප පහත පරිදි වේ: රු. 58,660 – 10×1190 – 11 x1360 -15 x1670 – රු. 110,570/- (MN 5 – 2025) එම චක්‍රලේඛයේ උපලේඛන II ප්‍රකාරව වැටුප් ගෙවනු ලැබේ. මීට අමතරව, මෙම තනතුරට අනෙකුත් රාජ්‍ය සේවා නිලධාරීන්ට රජය විසින් ගෙවනු ලබන අනෙකුත්
    දීමනා හිමිවේ.
  • බඳවා ගැනීම සඳහා සුදුසුකම්:
  1. අවුරුදු හතරකට (04) නොඅඩු විශේෂ උපාධියක් ලබා තිබිය යුතුය.
  2. පළපුරුද්ද.
  3. ශාරීරික සුදුසුකම්: සෑම අපේක්ෂකයෙකුම දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට සහ තනතුරේ රාජකාරි ඉටු කිරීමට ශාරීරිකව හා මානසිකව සුදුසු විය යුතුය.
  4. වෙනත් සුදුසුකම්: අයදුම්කරු ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය , අයදුම්කරු විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතුය , අයදුම්පත් භාරගන්නා අවසන් දින ගැසට් පත්‍රයේ සඳහන් සියලුම සුදුසුකම් සපුරා තිබිය යුතුය.
More Details Sinhala \ English
Application Sinhala \ English
Closing Date 2025.06.06
Source Click Here

 

(Visited 1,007 times, 1 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed