Govdoc Blog

අද සිට පෞද්ගලික වාහනවලට ඉන්ධන නෑ

Fuel

අද (28)සිට ලබන මස (10) වැනිදා දක්වා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව සෞඛ්‍ය, ආරක්ෂක, විදුලිබල, අපනයන කර්මාන්ත ආදී ක්ෂේත්‍ර සදහා පමණක් අද සිට ලබන 10 වැනිදා දක්වා ඉන්ධන නිකුත් කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

ඉන්ධන පිරවුම්හල් වලින් පෞද්ගලික අංශයේ වාහන සඳහා මෙම කාලය තුළ ඉන්ධන නිකුත් නොකරන බවද ඔහු කීවේය.

අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීම ලංගම ඩිපෝ සහ ත්‍රිවිධ හමුදා ඉන්ධන පිරවුම්හලවලින් සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය.

රට තුළ පැන නැගී ඇති ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ඊයේ(27) පැවති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවත්,ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට එහිදී තීරණය කළ බවත් හෙතෙම සඳහන් කළේය.

(Visited 48 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed