Govdoc Blog

රාජ්‍ය සේවකයන්ට ලබාදුන් සිකුරාදා නිවාඩුව අවලංගු කෙරේ

Employee

රාජ්‍ය සේවකයන්ට සිකුරාදා නිවාඩු දෙමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කැබිනට් ඇනුමැතිය හිමිවී තිබෙනවා.

රටතුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් සහ ආහාර හිඟයට පිළියමක් ලෙස කෘෂිකර්මික කටයුතුවල නිරතවීම සඳහා සෑම සිකුරාදා දිනකම නිවාඩු ලබාදීමට මීට පෙර කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණා.

කෙසේ වෙතත් මේ වන විටත් පොදු ප්‍රවාහන සේවා යථාවත් වෙමින් පැවතීමත්, කෘෂිකාර්මික කටයුතු සඳහා වන මූලික ක්‍රියාකාරකම්වල යෙදීමට ප්‍රමාණවත් කාලයක් ලැබී තිබීමත් සැලකිල්ලට ගෙන මෙම චක්‍රලේඛය අවලංගු කිරීමට තීරණය කළ බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්,

Government

(Visited 86 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed