Govdoc Blog

යාල්දේවි දුම්රිය පීලි පනී

Yaldevi

කොළඹ කොටුව සිට අනුරාධපුර බලා ධාවනය වූ යාල්දේවී සීඝ්‍රගාමි  දුම්රිය ඔරුගොවත්ත ප්‍රදේශයේදී පීලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම් මාර්ගයේ ධාවනය වන දුම්රිය ප්‍රමාදවීමක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ත්‍රිත්ව මාර්ගයකින් යුතු මෙම ප්‍රදේශයේ තෙවන මාර්ගයේ ගමන් ගත් මෙම දුම්රිය දෙවන මාර්ගයට මාරු කිරීමට යාමේදී මෙසේ පීලි පැන ඇත.

මේ හේතුවෙන් දුම්රිය දෙවන හා තෙවන දුම්රිය මාර්ගවල ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වි ඇත. තනි මර්ගයක දුම්රිය ධාවනය කරවීම නිසා කාර්යාල දුම්රිය රැසක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ දැඩි අපහසුතාවයට පත් වූහ.

(Visited 97 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed