Govdoc Blog

නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර සහ ලේඛන සහකාර III ශ්‍රේණියේ තනතුරු සඳහා විවෘත තරග විභාගය – 2024

Department of Legal Drafting

නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 2 සේවා ගණයට අයත් සංස්කාරක III ශ්‍රේණියේ සහ ලේඛන සහකාර III ශ්‍රේණියේ තනතුරු වලට බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය – 2024

ඉහත ශීර්ෂය යටතේ 2022.04.01 දිනැති ගැසට්‌ පත්‍රයේ පළකරන ලද අයදුම්පත් කැඳවීමේ නිවේදනයට වැඩිමනත් වශයෙන් මෙම ගැසට්‌ නිවේදනය පළ කරනු ලැබේ.

එම අයදුම්පත් කැඳවීමේ නිවේදනය ප්‍රකාරව ඉහත සඳහන් තනතුරු සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන ලද අයදුම්කරුවන් නැවත අයදුම්පත් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ.

2022.04.01 දිනැති ගැසට්‌ පත්‍රය අනුව අයදුම්පත් යොමු කර ඇති අයදුම්කරුවන් සහ මෙම ගැසට් පත්‍රය අනුව අයදුම්පත් යොමු කර ඇති අයදුම්කරුවන් සඳහා මෙම විභාගය 2025 වර්ෂයේ පෙබරවාරි මස කොළඹ දී පැවැත්වේ. විභාගය පවත්වනු ලබන දිනය පසුව දැනුම් දෙනු ලැබේ.

නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ සංස්කාරක III ශ්‍රේණියේ සහ ලේඛන සහකාර III ශ්‍රේණියේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා වන සුදුස්සන් තෝරා ගැනීමේ තරග විභාගය සඳහා සුදුසුකමලත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව වෙනුවෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය මගින් පවත්වනු ලබන ලිඛිත පරීක්ෂණයක ප්‍රතිඵල මත සුදුසුකම් සපුරා ඇති අපේක්ෂකයන් සංස්කාරක III ශ්‍රේණියේ සහ ලේඛන සහකාර III ශ්‍රේණියේ තනතුරු වලට පත්කිරීම සඳහා තෝරාගනු ඇත.

Gazette (2024.11.29)

Gazette (2024.03.08)

(Visited 543 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed