Govdoc Blog

ඇපල් සමාගම විසින් iPhone සාක්කුවක් එලි දැක්විමට නියමිතයි.

post

ඇපල් සමාගම විසින් iPhone සාක්කුවක් එලි දැක්විමට නියමිතයි.

ඇපල් සමාගම ‘රෙදි කැබැල්ලකින්’ ආභාෂය ලැබූ ඩොලර් 230 ක iPhone සාක්කුවක් (iPhone Pocket) අලෙවි කර තිබේ. ඉහළ පෙළේ ජපන් සන්නාමයක් වන ‘ඉසි මියාකි’ සමඟ සහයෝගයෙන් නිර්මාණය කරන ලද මෙම විශේෂ සංස්කරණය එලි දැක්විමට ඇපල් සමාගම සැලසුම් කර ඇත. මෙම ඉසී මියාකි නිර්මාණය අන්තර්ජාලය හරහා සහ ලොව පුරා තෝරාගත් වෙළඳසැල් වලින් නිකුත් කරන සීමිත සංස්කරණ උපාංගයකි.

2025 නොවැම්බර් 14 වන සිකුරාදා සිට, එය තෝරාගත් Apple Store ස්ථානවල සහ ප්‍රංශය, මහා චීනය, ඉතාලිය, ජපානය, සිංගප්පූරුව, දකුණු කොරියාව, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල apple.com හි ලබා ගත හැකි බව සඳහන් වේ. “iPhone Pocket ඔබේම ආකාරයෙන් iPhone පැළඳීමේ ප්‍රීතිය” යන සංකල්පය මත නිර්මාණය කර ඇති අතර මේස් එකකට සමාන මෙය විවිධ වර්ණවලින් සහ ප්‍රමාණ දෙකකින් පැමිණේ.

iPhone Pocket නිර්මාණය කිරීමේ ප්‍රධාන ඉලක්කය වන්නේ  Apple iPhone නිෂ්පාදනයන්හි සෞන්දර්යාත්මක බව සහ භාවිතයේ බහුකාර්ය ලෙස නිර්මාණය කර ඇති බවට සමාජ ගත කිරීමයි.

(Visited 34 times, 1 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed