මහ බැංකුවෙන් තවත් තහනම් පිරමීඩ ජාවාරම් 27 ක් නම් කෙරේ
ශ්රී ලංකා මහ බැංකුව විසින් 1988 අංක 30 දරන බැංකු පනතේ (සංශෝධිත) 83(ඇ) වගන්තිය යටතේ සමාගම්, ජංගම දුරකථන යෙදුම් (Apps) සහ ඊට සම්බන්ධ ආයතන 27ක් තහනම් පිරමීඩ යෝජනා ක්රම ලෙස ප්රකාශයට පත් කර තිබේ.
මහ බැංකුව විසින් මහජනතාව දැනුවත් කිරීම සඳහා නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ, පුළුල් විමර්ශනයකින් අනතුරුව ‘මැක්ස් ඇප් මීඩියා’ (Max App Media Ltd.) සමාගම, එහි අනුබද්ධිත ‘මැක්ස් එල්කේ’ (Max LK (Pvt) Ltd.) සහ ‘මැක්ස් මීඩියා ලංකා’ (Max Media Lanka (Pvt) Ltd.) යන සමාගම් විසින් තහනම් පිරමීඩ ජාවාරමක් පවත්වාගෙන ගොස් ඇති බවට තහවුරු වී ඇති බවයි.
ඒ අනුව, ඉහත සඳහන් කළ නීතිමය විධිවිධාන යටතේ තවත් සමාගම්, යෙදුම් සහ ආයතන රැසක් ද තහනම් පිරමීඩ යෝජනා ක්රම ලෙස හඳුනාගෙන ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සදහන් කර ඇත.
- Tiens Lanka Health Care (Pvt) Ltd
- Best Life International (Pvt) Ltd
- Mark – Wo International (Pvt) Ltd
- V M L International (Pvt) Ltd
- Global Lifestyle Lanka (Pvt) Ltd
- Fast3Cycle International (Pvt) Ltd
- Sport Chain app, Sport Chain zs society Sri Lanka
- OnmaxDT
- MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group
- Fastwin (Pvt) Ltd
- Fruugo Oline App/ Fruugo Oline (Pvt) Ltd
- Ride to Three Freedom (Pvt) Ltd
- Qnet/ Questnet
- Era Miracle (Pvt) Ltd. And Genesis Business School
- Ledger Block
- Isimaga International (Pvt) Ltd
- Beecoin App and Sunbird Foundation
- Windex Trading
- The Enrich Life (Pvt) Ltd
- Smart Win Entrepreneur (Pvt) Ltd
- Net Fore International (Pvt) Ltd./ Netrrix
- Pro Care (Pvt) Ltd., Shade of Procare (Pvt) Ltd
- SGO/sgomine.com
- I.C.A.N Advertising (Pvt) Ltd සහ ඊට අනුබද්ධිත icanonlineadvertising.com / bannercuts.com / bannercuts.lk / bannercuts.net / bannercuts.org
- Infinity Rover (Pvt) Ltd
- TM App
- Max App Media Ltd. සහ ඊට අනුබද්ධිත Max LK (Pvt) Ltd., Max Media Lanka (Pvt) Ltd.
| Notice | Download |



govdoc blog
Add comment