ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනයේ විශේෂ අවශ්‍යතා අධ්‍යාපනය සහ ආබාධ සහිත ඉගෙනීම සදහා උපදේශනය පිළිබද ඩිප්ලෝමා පාඨමාලා අයදුම්පත 2026
2026 ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනයේ විශේෂ අවශ්‍යතා අධ්‍යාපනය සහ ආබාධ සහිත ඉගෙනීම සදහා උපදේශනය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව(පළමු කණ්ඩායම – දෙවන බඳවා ගැනීම) හැදෑරීමට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම රජයේ ගැසට් පත්‍රය මගින් නිකුත් කර ඇත.
මෙම පාඨමාලාව විශේෂ අවශ්‍යතා අධ්‍යාපනය සහ ආබාධ සහිත ඉගෙනීම සදහා උපදේශනය පිළිබද පුළුල් දැනුමක් ලබාගැනීමට හෝ විශේෂ අවශ්‍යතා අධ්‍යාපන ක්ෂේත්‍රය හරහා උසස් ජාතික ඩිප්ලෝමා අදියරය දක්වා සිය වෘත්තීය දැනුම වර්ධනය කර ගැනීම සදහා උනන්දුවක් දක්වන සුදුසුකම් සපුරා ඇති පුද්ගලයන්ට අයදුම් කල හැකිය.
සුදුසුකම්
රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ප්‍රාථමික, ද්විතියික සහ පශ්චාත් ද්විතියික විශේෂ අධ්‍යාපන අවශ්‍යතා පාසල් සදහා ගුරු පත්වීම් ලබා සේවයේ නියුතු ගුරුවරුන් / අනෙකුත් රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සේවයේ නියුතු ගුරුවරුන් / වෛද්‍ය සහ හෙද වෘත්තීකයින් සදහා පමණක් විවෘතව පවතී.
ඉහත සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්ට මෙම පාඨමාලාව සදහා කිසිදු වයස් සීමාවකින් තොරව අයදුම් කල හැකිය.
- පාඨමාලා කාලය : එක් අවුරුදු අර්ධ කාලින පාඨමාලාවකි
- පාඨමාලාවේ ස්වභාවය : මාර්ගගත ඉගැන්වීම් ක්‍රමවේදය (විවෘත හා දුරස්ථ අධ්‍යයනය)
- මාධ්‍යය : සිංහල හෝ ඉංග්‍රීසි
- විමසීම් : 0323137500
පාඨමාලාව සදහා අයදුම් කල යුතු ආකාරය
අයදුම්කරු විසින් :
- තම අනන්‍යතාවය තහවුරු කිරීම සදහා ජාතික හැදුනුම්පතේ ඉදිරි සහ පිටුපස ඡායාරූපය
- ගුරු පත්වීම් ලිපියේ/සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියුතු පිරිස් තම පත්වීම් ලිපියේ ඡායාරූපය
0704191660 (Whatsapp) අංකයට යොමු කල යුතුය.
වැඩි විස්තර සදහා කාර්යාලයීය වේලාවන් වන පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා ඉහත සදහන් දුරකථන අංකය ඔස්සේ විශේෂ අධ්‍යාපන අවශ්‍යතා පිළිබද දෙපාර්තමේන්තුව අමතා වැඩි දුර විස්තර දැනගත හැකිය.
| Advertisement | Download |
| Source | Gazette(30-04-2026) |


govdoc blog
Add comment