Govdoc Blog

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය 2026 සදහා අයදුම්පත් කැදවා ඇත

daham pasal

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය 2026 සදහා අයදුම්පත් කැදවා ඇත

2025 වර්ෂයට නියමිත දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සදහා අයදුම්පත් කැදවා ඇත. එම විභාගය 2026 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය වලින් පමණක් විභාගය පවත්වනු ලබයි. එහෙත් එක අයදුම්කරුවෙකුට විභාගයට පෙනී සිටීමට ඉඩ දෙනු ලබන්නේ තමන් කැමති එක් භාෂා මාධ්‍යයකින් පමණි. අයදුම්පතෙහි සදහන් කල භාෂා මාධ්‍යය පසුව වෙනස් කිරීමට ඉඩ දෙනු නොලැබේ.

විභාගය පැය 3 බැගින් වූ ප්‍රශ්න පත්‍ර 4 කින් සමන්විත වේ.

  1. බුද්ධ චරිතය
  2. බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය
  3. ශාසන ඉතිහාසය
  4. බෞද්ධ සංස්කෘතිය

මේ සදහා අදාල අයදුම්පත් භාර ගැනීම 2026.06.26 දිනෙන් අරම්භ වී 2026.07.24 දිනෙන් අවසන් වේ. අදාල ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

Gazette Notice Sinhala
Application Click_Here
Source Gazette(2026-06-26)
Closing Date 2026.07.24
(Visited 22 times, 26 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed