ඉන්දීය රජයේ හෝමියෝපති වෛද්‍ය උපාධි ශිෂ්‍යත්ව 2026
2026/2027 අධ්‍යයන වර්ෂය සඳහා ඉන්දියානු රජයේ අනුග්‍රහය යටතේ හෝමියෝපති වෛද්‍ය උපාධි ශිෂ්‍යත්ව සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික සිසුන්ගෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අයදුම්පත් කැඳවා ඇත.ඉන්දීය රජයේ අනුග්‍රහය ඇතිව බටහිර බෙංගාල විශ්ව විද්‍යාලය යටතේ ස්ථාපිත කර ඇති කොල්කටා ජාතික හෝමියෝපති ආයතනයේ (NIH) හෝමියෝපති වෛද්‍ය උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා ශ්‍රී ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව 10 ක් ලබා ගත හැකිය.
- ශිෂ්‍යත්ව ගණන – 10
- පාඨමාලා කාලය – අවුරුදු 5 1/2
සුදුසුකම්
- අ.පො.ස. (උසස් පෙළ) විභාගයේදී විද්‍යා විෂය ධාරාවෙන් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ ජීව විද්‍යාව යන විෂයයන් එකවර සමත් වී තිබීම.
- අ.පො.ස. (උසස් පෙළ) විභාගයේදී සාමාන්‍ය ඉංග්‍රීසි විෂය සඳහා සමත් වී තිබීම.
- අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේදී ඉංග්‍රීසි භාෂාව සඳහා සම්මාන සාමාර්ථයක් ලබා තිබීම.
- 2026 සැප්තැම්බර් 25 වන දිනට වයස අවුරුදු 18 ත් 25 ත් අතර විය යුතුය.
| Paper Notice (AD) | English | Sinhala | Tamil |
| Website Links | www.nih.ayush.gov.in www.health.gov.lk |
| Closing Date | 2026.09.25 |



govdoc blog
Add comment