ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් සඳහා වන I වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2026
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් සඳහා වන I වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2026 (ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සහ අධිසේවක පදනම මත ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 පන්තියට පත් කරනු ලැබූ නිලධාරීන් විභාගය සඳහා පෙනී සිටිය යුතු වේ.)
අංක 1885/31 හා 2014.10.22 දිනැති ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් හා අංක අමප/21/1824/308/139 සහ 2021.11.23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව, අංක අමප/12/1101/530/035 සහ 2012.08.08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 පන්තියට අධි සේවක පදනම මත පත් කරනු ලැබූ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2027 පෙබරවාරි මස කොළඹ දී පැවැත්වෙන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.
අයදුම්පත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ “Our Services” (අපගේ සේවා) යටතේ ඇති “On-line Applications – Recruitment/EB Exams” (මාර්ගගත අයදුම්පත් (බඳවාගැනීම්/කාර්යක්ෂමතා කඩඉම් විභාග) ඔස්සේ පළ කර ඇති අතර අයදුම්පත් ඉදිරිපත් කළ හැක්කේ මාර්ගගත ක්‍රමයට (Online) පමණි. මාර්ගගත අයදුම්පත් භාර ගැනීම 2026 සැප්තැම්බර් මස 28 වැනි දින පෙ.ව. 09.00ට විවෘත වන අතර 2026 ඔක්තෝබර් මස 26 වැනි දින ප.ව. 09.00ට අවසන් වේ. අයදුම්පත මාර්ගගතව යොමු කළ පසු එය බාගත කර මුද්‍රිත පිටපතෙහි අදාළ කොටස් අත් අකුරින් පුරවා අයදුම්කරුගේ අත්සන සහතික කර, අයදුම්පතේ පිටපතක් තම පෞද්ගලික ලිපිගොනුවට ඇතුළත් කිරීම සඳහා ආයතන ප්‍රධානියා වෙත භාරදිය යුතු ය.
| Advertisement | Sinhala| Tamil (P) | English (P) |
| Source | 2026-09-25 (Gazette) |
| Closing Date | 2026-10-26 |


govdoc blog
Add comment