Govdoc Blog

බස් ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය හෙට

Bus

ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බස් ගාස්තු සම්බන්ධයෙන් හෙට (28) අවසන් තීරණයකට එළැඹීමට නියමිතය.

ඉන්ධන මිල ඉහළ යාමට සමගාමීව බස් ගාස්තු ද ඉහළ දැමිය යුතු බව බස් රථ සේවක වෘත්තීය සමිති ඊයේ (26) ප්‍රකාශ කළා.

ඒ අනුව හෙට දිනයේ ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කළේය.

බස් ගාස්තු සංශෝධනය සෑම වසරකම ජුලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව මේ වනවිට කරුණු 12ක් යටතේ ගණනය කිරීම් සිදුකරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

පසුගිය දිනවල ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ගාස්තු සංශෝධනයක් සිදු කරන ලෙස ඉල්ලීම් ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා සහ අදාළ සංගම් නියෝජිතයින් අතර හමුවක් හෙට පැවැත්වෙන බවයි ඔහු සඳහන් කළේ.

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) ඉදිරිපත් කර ඇති නිර්දේශ ප්‍රවාහන අමාත්‍යාංශය වෙත යොමු කරන බවත් එහි අනුමැතිය මත එය ජූලි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන බවත් ඔහු පැවසීය.

(Visited 70 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed