Govdoc Blog

අශ්ව කරත්තය යළි කරලියට

Transport

ඉන්ධන හිඟය හේතුවෙන් අඩාල වී ඇති ගමනාගමන කටයුතුවලට විසඳුමක් ලෙස යාපනය නගරය අවට අශ්ව සහ ගව කරත්ත ප්‍රවාහන සේවය ක්‍රියාත්මක වූයේ මේ අයුරිණි.

අතීතයේ සිට ජනතාව කරත්තය උපයෝගී කොට ගෙන සිය ගමනාගමන කටයුතු සපුරාගත් අතර තාක්ෂණික දියුණුවත් සමගින් යාන වාහන ආගමනයෙන් කරත්ත ප්‍රවාහනය අඩුවී ගියේය.

කෙසේ වෙතත් වත්මන් වාතාවරනය හමුවේ බොහෝ දෙනකු ප්‍රවාහන කටයුතු වෙනුවෙන් විකල්ප විසඳුම් සෙවීමට සිදුව ඇති හෙයින් එහිදී කරත්ත ප්‍රවාහනය නැවතත් කරලියට පැමිණ ඇත.

යාපනය දිස්ත්‍රීක්කයේ මේ වන විට නගර ප්‍රවාහනය වෙනුවෙන් අශ්වයින් යොදාගෙන කරත්ත සේවය ක්‍රියාත්මක කිරීමට ඇතැම් පිරිස් පියවර ගෙන ඇති අතර ඉදිරියේදී මෙම සේවාවට ඉහල ඉල්ලුමක් හිමිවෙනු ඇති බවටද එහි හිමිකරුවෝ වැඩිදුරටත් පවසති.

(Visited 172 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed