Govdoc Blog

CEYPETCO ෂෙඩ්වලින් තෙල් නෑ

Ceypetco

රජයේ දැනුම්දීම මත අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීම ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ලංගම ඩිපෝ හරහා පමණක් සිදු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (29දා) තීරණය කොට ඇත. මෙම නව තීරණයත් සමඟ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා කිසිදු ඉන්ධනහලකින් ඉන්ධන නිකුත් කිරීමක් නැවත දැනුම් දෙනතුරු සිදු නොවන බවද එම සංස්ථා ජේ‍යෂ්ඨ නිලධරියෙක් පැවැසීය.

රජය දැනුම්දී ඇති අත්‍යවශ්‍ය සේවාවන්හි නියැළෙන පිරිස් වෙත සිය අනන්‍යතාව තහවුරු කොට මෙලෙස ඉන්ධන ලබා ගත හැකි බවත් සඳහන්ය.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ප්‍රධානීන් දැනුවත් කොට ඇති බවත් මෙම වැඩපිළිවෙළ අද (30දා) සිට ආරම්භ කිරීමට කටයුතු යොදන ලෙසට උපදෙස් ලබාදී ඇති බවත් එම ජේ‍යෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය. යුද, නාවික හා ගුවන් යන ත්‍රිවිධ හමුදාවන්ට සහ පොලිසියට ඔවුන්ගේ කඳවුරුවල හෝ වෙනම පිහිටුවූ ඉන්ධනහල් ඇති අතර එලෙස ඉන්ධනහල් ඇති ස්ථාන වෙත ගොස් මෙලෙස අත්‍යවශ්‍ය සේවාවලට ඉන්ධන ලබා ගත යුතු වේ.

එසේම ලංගම ඩිපෝද මේ සඳහා යොදා ගැනෙන අතර සංස්ථා සතු ඉන්ධන ඒ අනුව මෙම ඉන්ධනහල් වෙත නිකුත් කිරීමට වැඩ කටයුතු සකස් කොට ඇත.අත්‍යවශ්‍ය සේවා සඳහාද ඉන්ධන ඇත්තේ කෙටි දින කිහිපයකට බවද තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

(Visited 59 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed