Govdoc Blog

QR ඉන්ධන අවසරපත්‍රය සඳහා ලියාපදිංචි කටයුතු ඇරඹෙයි

QR
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 80

පෞද්ගලික වාහනවලට ඉන්ධන ලබාදීම ක්‍රමවත් කිරීම සඳහා QR කේත යොදාගැනෙන “ජාතික ඉන්ධන අවසරපත්‍රය” නම් ක්‍රමවේදයේ ලියාපදිංචි කටුයතු අද (16) සිට ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

මේ ක්‍රමවේදය හරහා ඉදිරියේදී සති පතා සහතික කරනු ලැබූ ඉන්ධන කෝටාවක් වෙන් කරගැනීමට සහ වාහන අංකයේ අවසාන ඉලක්කම අනුව සතියට දින දෙකක් තම QR කේතය පෙන්වා ඉන්ධන ලබාගැනීමට ජනතාවට හැකියාව පවතින බව අමාත්‍යවරයා සඳහන් කළා.

කෙසේ නමුත් දැනට මෙම ක්‍රමවේදයට ලියාපදිංචි වී තම වාහනයට අදාළව QR කේතයක් ලබාගැනීම පමණක් සිදුකළ හැකි බවද, එම QR කේතය පෙන්වා ඉන්ධන ලබාගත හැක්කේ කෙදින සිටද යන්න පසුව දැනුම්දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

පහත වෙබ් අඩවියට පිවිස තම ජාතික හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය, වාහනයේ අංකය සහ වාහනයේ චැසි අංකය ලබාදී ලියාපදිංචි වී, තම වාහනයට අදාළ QR ඉන්ධන අවසරපත්‍රය ලබාගත හැකි අතර එම QR කේතය තම දුරකථනයේ තබාගැනීමට හෝ මුද්‍රණය කර අවසරපතක් ලෙසින් තබා ගැනීමට හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

https://fuelpass.gov.lk/

(Visited 104 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed