Govdoc Blog

QR ඉන්ධන අවස​රපත්‍ර සඳහා ලියාපදිංචි වීමට හදිස්සි වෙන්න එපා

QR

ඉන්ධන ලබාදීම ක්‍රමවත් කිරීමේ අරමුණින් “ජාතික ඉන්ධන අවසරපත්‍රය” නම් QR කේත ක්‍රමවේදය විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සහ ICTA ආයතනය එක්ව අද (16) උදෑසන හඳුන්වාදුන් නමුත් එම වෙබ් අඩවියට පිවිසීමේ අපහසුතා සහ ගැටළු පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වුනා.

කෙසේ වෙතත් විශාල පරිශීලකයින් පිරිසක් එකවර යම් වෙබ් අඩවියකට පිවිසීමට උත්සාහ කිරීමේදී, එවැනි ප්‍රායෝගික ගැටළු මතු විය හැකි බවද, එසේ මතුවන ගැටළු නිරන්තරයෙන් නිරාකරණය කිරීමට කටයුතු කරමින් සිටින බවද බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

දැනට සිදුවන්නේ මෙම QR කේත ක්‍රමවේදයට වාහන ලියාපදිංචි ​කරගැනීම පමණක් බැවින් සහ එසේ ලබාගන්නා QR කේත පෙන්වා තවම ඉන්ධන ලබාගත නොහැකි බැවින්, මේ සඳහා ලියාපදිංචි වීමට අනවශ්‍ය ලෙස හදිසි නොවන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටිනවා.

අද උදෑසන “ජාතික ඉන්ධන අවසරපත්‍රය” හඳුන්වාදීමේ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැහදිලි කළා.

(Visited 88 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed