Govdoc Blog

වාහන අංකයේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන ලබාදෙන දින සංශෝධනය කෙරේ

Fuel
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 30

QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය යටතේ වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීමේ දින සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ඉන්ධන ලබාගත හැකි සංශෝධිත දින පහතින්.

* 0, 1, 2 – අඟහරුවාදා සහ සෙනසුරාදා
* 3, 4, 5 – බ්‍රහස්පතින්දා සහ ඉරිදා
* 6, 7, 8, 9 – සඳුදා, බදාදා සහ සිකුරාදා

​මේ අතර QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය සඳහා අද (19) දිනය වන විට මිලියන 2 ක් සාර්ථකව ලියාපදිංචි වී තිබෙන බ​ව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

මෙම QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය ලබන 21 වනදා සිට 24 වනදා දක්වා කොළඹ ස්ථාන කිහිපයකදී පරික්ෂණ මට්ටමෙන් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව, 25 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා නිකුත් කළ Twitter පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

QR

(Visited 83 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed